ගුවන් හමුදා ඊගල්ස් ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික ශූරතාව 2022
7:42am on Monday 31st October 2022
වෝරියර් කුසලාන සත්  සාමාජික  තරඟාවලිය 2021 ජයග්‍රහණය කිරීමෙන් පසුව ගුවන් හමුදා රග්බි කන්ඩායම හට සත්  සාමාජික රග්බි තරඟාවලියේ ජයග්‍රහණ මාලාව දිගටම ලබාගැනීමට හැකි විය. 2022 ඔක්තෝබර් 09 වන දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති ශ්‍රී ලංකා අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් මහා තරගයේදී හැව්ලොක් එස්.සී පිලට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟින් පිට පිටම දෙවැනි වරටත් කුසලානය හිමිකර ගැනීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම  සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2022  රග්බි සත් සමාජික තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩය සඳහා එක් කණ්ඩායම බැගින් තරඟාවලිය සඳහා සහභාගී විය. තරඟාවලිය ඔක්තෝබර් 08 සහ 09 යන දිනයන්හිදී කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. පිරිමි කණ්ඩායම හැව්ලොක් එස්.සී, නේවි එස්.සී සහ බස්නාහිර පළාත් බාබේරියන්ස් සමඟ බී කාණ්ඩයෙන් තරග වැදුණි. ඔක්තෝම්බර් 08 වන දින ගුවන් හමුදා කන්ඩායම තරඟාවලියේ අපරාජිත සහ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම ලෙස මූලික වටය අවසන් කරන ලදී. පළමු තරගයේදී  ගුවන් හමුදා එස්සී 14 - නාවික හමුදා එස්සී 07, දෙවන තරගයේදී - ගුවන් හමුදා එස්සී 54 - බටහිර බාබේරියන්ස් 00 සහ තෙවන තරගයේදි - ගුවන් හමුදා එස්සී 21 - හැව්ලොක් එස්සී   14 ලෙස ලකුණු ලබා ගත්හ.

තරගාවලියේ අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයේදී  ගුවන් හමුදා එස්සී  සහ පොලිස් එස්සී  අතර පැවති තරගයෙන් ලකුණු 29-00ක් ලෙස ජය ගනිමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා එස්සී කණ්ඩායම හැව්ලොක් එස්සී කණ්ඩායම පරාජයට පත් කිරීම සඳහා අවසන් මහා තරගයට පිවිසියේය. මිතුන් හපුගොඩගේ මුල් උත්සාහක දිනුමත් සමඟින් ලකුණු එක්කීරීමත්  සමඟ ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩා සමාජය පළමු ලකුණ ලබා ගැනීමට සමත් විය. ශෂික ප්‍රනාන්දු උත්සාහක දිනුමකින් ලකුණු තත්ත්වය සම කළේය.

තරඟාවලිය අවසානයේ ගුවන් හමුදා  කණ්ඩායම ලකුණු 161ක් ලබා සිටි අතර ඔවුන්ට එරෙහිව ලබාගෙන සිටියේ ලකුණු 43ක් පමණි. දින දෙකේදීම  ගුවන් හමුදා කන්ඩායමෙහි  දක්‍ෂතා කැපී පෙනිණි. ගුවන් හමුදා කන්ඩායම විසින් ක්‍රීඩා කරන ලද විලාශය පිළිබදව බොහෝ රග්බි ප්‍රවීණයන් විසින් පැසසුමට ලක් කරන ලදී. පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ දර්ශන දාබරේ තේරී පත් විය.

මෙම අවස්ථාව  සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගුවන් හමුදා රග්බි සභාපති, ගෲප් කැප්ටන් සුභාෂ් ජයතිලක, අනෙකුත් විශේෂ ආරාධිතයින් සහ රග්බි ක්‍රීඩා  නිලධාරීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි