ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී
ඉරණමඩු අලගපුරි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 73 දෙනෙකු සඳහා පාසල් නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2022 ඔක්තෝම්බර් 11 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස ගුවන් හමුදා ඉරණමඩු කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදී.
ෆාම්ස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය නොමසුරු දායකත්වය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ඉරනමඩු ගුවන් හමුදා කඳවුර නියෝජනය කරමින් නිළධාරීන්, සෙසු නිලයින් සහ දෙමාපියන්, සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.