ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 රේඩාර් බලඝණය සිය 13 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි
9:30am on Tuesday 1st November 2022
 චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 06 රේඩාර් බලඝණය සිය 13 වැනි සංවත්සරය අද (2022 ඔක්තෝබර් 15) සමරන ලදී. ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ අනිවාර්ය අංගයක් ලෙස මෙම බලඝණය පිහිටුවන ලද අතර එය 2009 ඔක්තෝම්බර් 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේදී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන බලඝණයක් ලෙස ආරම්භ කරන ලදී. පසුව ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා බලඝණය 2012 මැයි 05 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත ගෙන යන ලදී.

 මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්ප්‍රදායික වැඩ පෙළපාලිය බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, එය අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්.එම්.කේ ගුණරත්න විසින් සමාලෝචනය කරන ලදී. ඉන් අනතුරුව බලඝණ පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

 සංවත්සරයට සමගාමීව කින්නියා සමුද්‍රසන්න විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ද පැවැත්විණි. තවද, මෙම උත්සවය වඩාත් මතකයේ රැඳෙන පරිදි රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. මාබල් බීච් පරිශ්‍රයේ ළමුන් සඳහා බීච් වොලිබෝල් තරඟ, මුහුදු ස්නානය සහ විනෝදාත්මක ක්‍රීඩා සහිත කැලිප්සෝ සංගීතය ඇතුළු විනෝදාස්වාද කිහිපයක් සංවිධානය කර තිබුණි. අවසානයේ දරුවන්ට තෑගි සහ දිවා ආහාරය බෙදා දීමෙන් අනතුරුව සංවත්සර දිනය නිමා විය.
  


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි