දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල අභිමානවත් ලෙස 70 වැනි සංවත්සරය සමරයි
9:32am on Tuesday 1st November 2022
ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල සිය 70 වන සංවත්සරය 2022 ඔක්තෝම්බර් 15 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘති, විනෝදාත්මක සහ ආගමික ක්‍රියාකාරකම් මාලාවක් සමඟින් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්පීවීකේ සේනාධීර මහතාගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් සමරන ලදී.

බෙන්ට්ලි පිටියේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය අණදෙන නිලධාරී විසින් සමාලෝචනය කිරීමත් සමඟ දවසේ කටයුතු ආරම්භ විය. මෙහිදී අදහස් දැක්වූ, අණදෙන නිලධාරි තුමා විසින් සටන් පුහුණු පාසලේ වැදගත්කම සහ ඓතිහාසික වැදගත්කම මෙන්ම වසර ගණනාවක් පුරා එය වෙනස් වී ඇති ආකාරය අවධාරණය කරන ලදී. එමෙන්ම පසුගිය දශක හතක කාලය තුළ පාසලේ පරිවර්තනයට හා සංවර්ධනයට දායක වූ සියලුම නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් වැසියන්ට ස්තුතිය පුද කළේය.

සංවත්සර දින සැමරුමට සමගාමීව කදවුරු පරිශ්‍රය තුළ රුක් රෝපණ ව්‍යාපාරයක්, දියතලාව නගර ප්‍රදේශයේ, දියතලාව මූලික රෝහල, දියතලාව ආයුර්වේද රෝහල යන ප්‍රදේශවල ශ්‍රමදාන ව්‍යාපාර ද පවත්වන ලදී. විශේෂ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායන කඳවුරක් මෙන්ම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රදානය කිරීම කුඹල්වෙල දෝව ආබාධිත පාසලේදී පවත්වන ලදී.

දියතලාව රෝමානු කතෝලික දේවස්ථානය, දියතලාව හින්දු කෝවිල සහ කහගොල්ල ඒඑල් බදාරිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී බෝධි පූජා, ආශිර්වාද පුජා මාලාවක් පැවැත්වීමෙන් කදවුරට ආගමික ආශිර්වාදය ලබා දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි