අන්තර් ඒකක කබඩි ශූරතාව 2022
9:41am on Wednesday 9th November 2022
අන්තර් ඒකක කබඩි ශූරතාවලිය 2022 ඔක්තෝබර් 21 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී කායවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එච්.ඩබ්ලිව්.එම්.යූ. විජේසිංහ සහභාගිවිය.

පිරිමි ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලද අතර කාන්තා ශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලදී. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම අනුශූරතාව දිනා ගන්නා ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සැරයන් පුෂ්පකුමාර ඩබ්ලිව්.එම් සහ ඒකල ගුවන් වෘත්තීය පුහුණු පාසල නියෝජනය කළ ගුවන් කාන්තා නිලුක්ෂිකා එස් පිළිවෙලින් ශූරතාවලියේදී දක්ෂතම පිරිමි සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගන්නා ලදී.
 
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එල්.එච්.සුමනවීර, ගුවන් හමුදා කබඩි සංචිතයේ සභාපති එයාර් කොමදෝරු පී.එන්.ප්‍රනාන්දු, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි