මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික මුඛ සෞඛ්‍ය සහ වෛද්‍ය වැඩසටහනක් ගුවන් හමුදාවේ දායක්වයෙන් පවත්වයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මගපෙන්වීම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) එල්.ආර්.ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ මහා සංඝරත්නය සහ ශ්‍රී දලදා මළිගාවේ කාර්ය මණ්ඩලය සඳහා වාර්ෂික වෛද්‍ය සහ මුඛ සෞඛ්‍ය සත්කාර වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ (2022 ඔක්තෝම්බර් 21) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මහනුවර මහ රෝහල / පේරාදෙණිය ශික්ෂණ රෝහල සමඟ එක්ව පවත්වන ලදී.

මහා විහාර වාසී ශාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහානුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන භාරකරු වෛද්‍ය ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්.ජයවීර, සුබසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී.එච්.ආර්.සොයිසා යන නිලධාරීන්ගේසහභාගිත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.  

පන්සියයකට අධික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ සිවිල් වැසියන්ට උසස් වෛද්‍ය උපකරණ සහ ජංගම දන්ත වෛද්‍ය උපකරණවලින් ප්‍රතිකාර කරන ලද අතර විශේෂඥ වෛද්‍යවරුන් හා සාමාන්‍ය වෛද්‍යවරුන් සමඟ නොමිලේ උපදේශන සහ පරීක්‍ෂණ, නොමිලේ ඖෂධ, රසායනාගාර පරීක්ෂණ, අක්ෂි පරීක්ෂණ, විද්‍යුත් හෘද රෝග (ECG) පහසුකම්, දන්ත වෛද්‍ය සේවා පහසුකම් මෙම වැඩසටහන මගින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සදහා කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් (වෛද්‍ය) පී.ඒ.වී පද්මපෙරුම වෛද්‍ය සම්බන්ධීකාරක ලෙසත් ගෲප් කපිතාන් (වෛද්‍ය) පී දිසානායක දන්ත සම්බන්ධීකාරක ලෙසත් කටයුතු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි