ඕස්ට්‍රේලියානු ආරක්ෂක දූත පිරිසක් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දු - පැසිෆික් එන්ඩ්ඒවර් 2022 (Indo – Pacific Endeavor 2022) සඳහා වූ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ කොමඩෝර් මාල් වයිස් සහ කාර්ය මණ්ඩලය පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිල වශයෙන් හමුවිය.

එහිදි ද්විපාර්ශ්වික පුහුණුවීම් පිළිබදද, සමුද්‍ර නිරීක්ෂණ සහ ගලවාගැනීම් සිදු කරමින් ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ හැකියාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි