ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර 44 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි
ශ්‍රි ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර 44 වන සංවත්සරය 2022 ඔක්තෝම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පී.එන්.ගුණතිලක මහතාගේ මගපෙන්වීම යටතේ  සමාජ වගකීම් ව්‍යාපෘති, විනෝදාත්මක සහ ආගමික ක්‍රියාකාරකම් මාලාවක් සමඟින්, සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

කදවුරු අණදෙන නිළධාරීතුමන් විසින් කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව දවසේ කටයුතු ආරම්භ විය.මානුෂීය මෙහෙයුමේ දී මෙන්ම වසර ගණනාවක් පුරා සිදුවූ අඛන්ඩ සේවාව සහ වවුනියාව කඳවුරේ වැදගත්කම සහ ඓතිහාසික වැදගත්කම කඳවුරු අණදෙන නිලධාරියා විසින් අවධාරණය කරන ලදී. එසේම කඳවුරේ සංවර්ධනය සඳහා පසුගිය දශක හතර තුළ දායක වූ සියලුම නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මන්ඩලයට ස්තුතිය පුද කළේය.

සංවත්සර උත්සවයට සමගාමීව වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය සවිකිරීම,මඩුකන්ද දළදා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම සහ.මැදව්ච්චිය ශාන්ත ජෝසප් දේවස්ථානය, වව්නියාව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාර, මුන්නිමුරිප්පු හින්දු කෝවිල, වවුනියාව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලිය යන ස්ථාන තුළ රුක් රෝපණ වැඩසටහන් ද පවත්වන ලදී.

අනතුරුව කඳවුරු ක්‍රීඩාංගනයේ දී සියලු නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති සුහද ක්‍රිකට් තරගාවලියකින් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයකින් සංවත්සර උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි