ශ්‍රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායම සඳහා අභිප්‍රේරණ වැඩසටහන් පවත්වනු ලබයි
9:35am on Friday 11th November 2022
ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායම් ක්‍රීඩකයින් සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් 2022 ඔක්තෝම්බර් 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.මෙම එක්දින වැඩසටහන Inextricable Group Tech හි දේශීය අධ්‍යක්ෂ සුරංජිත් ස්වාරිස් මහතා සහ Wild Drift හි ප්‍රධාන වර්ධන නිලධාරී ගිහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායමේ ලේකම්, විංග් කමාන්ඩර් එම්ඒඑස් හේෂාල් මහතා සහ අත්පන්දු කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දවස පුරා සක්‍රීයව වැඩසටහනට සහභාගී වූ අතර ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ අදහස් දැක්වීමෙන් වැඩසටහන ආරම්භ විය. ඉදිරි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ අත්පන්දු තරගාවලියේදී ඉහළම දස්කම් ලබා ගැනීම සඳහා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා මුවහත් කර ගැනීමට සහ මනා කණ්ඩායම් හැඟීමක් ගොඩනඟා ගැනීමට ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

සමූහයේ සිටි බර්නි සමරසිංහ මහත්මිය, කෙරන් ද සිල්වා මහත්මිය සහ ඔනෙලා රූත් මෙනවිය සමඟින් මෙම වැඩසටහන පැවැත්විණි.ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායමේ සහකාර ලේකම් පියාසර නිලධාරිනී සචිනි වීරසිංහ මහත්මියගේ ස්තුතිය ප්‍රකාශයෙන් වැඩසටහන අවසන් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සහභාගී වූ අතර වැඩසටහන සනිටුහන් කරමින් උපදේශක මණ්ඩලය වෙත ඇගයීම් සමරු තිලිණ ප්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි