ශරීරාංග ලබාගැනීම සදහා මොළය මියදුනු පුද්ගලයෙකු ගුවනින් ප්‍රවාහනය කෙරේ
9:43am on Friday 11th November 2022
ශි‍්‍ර ලංකා ගුවන් හමුදව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප‍්‍රකාරව අද දින (2022 ඔක්තෝම්බර් මස 31 වන දින) බදුල්ල මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සදහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කරන ලදි.

මෙම මෙහෙයුම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන්රථයක් ලෙස පරිවර්ථනය කර යොදාගන්නා ලදි. මෙම මොළය මියගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සදහා ප්‍රධානය කිරීමට සහ විශේෂයෙන්ම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම සදහාද යොදාගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි