ධර්මරාජ විද්‍යාලය ගුවන් හමුදාධිපතිතුමන්ට උපහාර පිරිනමයි
12:30pm on Tuesday 15th November 2022
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ආදි ශිෂ්‍ය සංගමය එහි ආදි ශිෂ්‍ය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත සිය ඉහළම උපහාරය 2022 නොවැම්බර් 10 වන දින විද්‍යාල පරිශ්‍රයේදී විද්‍යාලයේ සම්ප්‍රදායට අනුකූලව පවත්වන ලදී.

මෙම උත්සවයේදී වත්මන් ධර්මරාජ විද්‍යාලයේ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සිත් ඇදගන්නාසුළු සංදර්ශනයක් විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය සහ ශිෂ්‍ය තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. මෙම උත්සවය සදහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

උත්සවයේදී අදහස් දැක්වූ ධර්මරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පති වන කේ.කේ.පී ආරියසිංහ මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාවට, අධ්‍යාපනයට හා විෂය බාහිර කටයුතුවලට දක්ෂතා දැක්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වැනි රටට සේවය කරන උතුම් පුතුන් බිහි කිරීමේ ඉතිහාසයක් ධර්මරාජ විද්‍යාලයට ඇති බවයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි