ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 45 වන අදියර මානතිව් කෝවිලේදී සාර්ථකව අවසන් කරන ලදී
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා මඩකලපුව කදවුර මගින් "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 45 වන අදියර 2022 නොවැම්බර් 11 වන දින 'මානතිව් සිත්තිරෙයි වේලායන ස්වාමි කෝවිලේදී' සාර්ථකව නිම කරන ලදී.
මානතිව් කෝවිල පිහිටා ඇත්තේ කලපුවකින් වට වූ දූපතක ය. මෙම ව්‍යාපෘතියේදී මානතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ පරිභෝජනය සඳහා පවතින පිරිසුදු පානීය ජලයේ දැඩි අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කර වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් චන්දන මුණසිංහ මහතා විසින් භාරදෙන ලදී.
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය හා එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.මෙම අවස්ථාවට සදහා නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම පුදේශවාසීන් පිරිසක් සහභාගී විය.