අංක 32 ආපදා කළමනාකරණ සහ පළමු ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වනු ලබයි.
12:00pm on Wednesday 23rd November 2022
අංක 32 ආපදා කළමනාකරණ සහ පළමු ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2022 නොවැම්බර් 14 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේදී පැවැත්විණි. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඩීආර් ලියනආරච්චි මහතා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ඩී ජයවීර, කඳවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි විය.

ආපදා සහ උපද්‍රව පිළිබද හඳුන්වාදීම, ආපදා කළමනාකරණ කවුන්සිල පනත සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ආපදා අවදානම් අවම කිරීම , උපද්‍රව සහ අවදානම් තක්සේරුව පිළිබඳ දළ විශ්ලේෂණය, ආපදා කළමනාකරණයට අදාළ තොරතුරු තාක්ෂණය සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (GSI),රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRN),මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර (HADR‍) සහ ආපදා කළමනාකරණයේ ජාත්‍යන්තර රාමුව, ආපදාවලට  සූදානම් සැලසුම්, දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සිවිල් නීතිය, හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ( EOC), හදිසි සැලැස්ම (CP)සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPS),ප්‍රථමාධාර, අනතුරු සහ මරණ කළමනාකරණය සහ ගිනි සහ මුදාගැනීම යන කරුණු මෙම පාඨමාලාවට ඇතුලත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා එක් නිලධාරියකු සහ ගුවන් භටයින් තිස් දෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා එක් නිලධාරියකු  සහ සෙසු නිලයින් 01 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්  දෙදෙනෙකු සහ නාවිකයින් දෙදෙනෙකු, විශේෂ කාර්ය බලකායේ එක් නිලධාරියකු සහ සෙසු නිලයින් 01 දෙනෙකු ඇතුළුව පුහුණුවන්නන් තිස් නවදෙනෙකු මෙහිදී සහතික පත්‍ ලබා ගන්නා ලදී.

හොඳම ආපදා කළමණාකරු
සැරයන් රන්තිලක ආර්.ඡි.කේ.පි (මෙහෙයුම් භූමිය)

හොඳම ශිෂ්‍යයා
කෝප්‍රල්රෝ හණ කේ.ඒ (මෙහෙයුම් භූමිය)

හොඳම කථිකයා
ලුතිනන් ඡි.ඡි.සි.එල් ගමගේ (ශ්‍රී ලංකා නාවික හමුදාව)

හොඳම කණ්ඩායම
අංක එක කණ්ඩායමේ කණ්ඩායම් නායකයා
ලුතිනන් ඒඩබ්ලිව්එස්එස් රාජපක්ෂ (ශ්‍රී ලංකා යුද හමුදාව)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි