ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිය 44 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිය 44 වන සංවත්සරය 2022 නොවැම්බර් 23 වන දින සමරන ලදී. ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ.එම්.එස්.පී.බී කුලතුංග මහතාගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘතියක්, ආගමික වතාවත් සහ විනෝදාත්මක කටයුතු ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම් කටයුතු ආරම්භ කෙරුනු අතර සියලුම නිළධාරීන්,සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මන්ඩලය එක්ව ආගමික වැඩසටහනක් සහ කඳවුරු ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී. අනතුරුව මෙම අවස්ථාව සදහා පැමිණි සියලුම කාර්ය මන්ඩලය වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමෙන් පසු සැමරුම් කටයුතු අවසන් කරන ලදී.
සංවත්සර උත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක්, මැදිරිගිරිය ශ්‍රී රාහුල විද්‍යාලයේ සිසුන් සහ ගම්වාසීන් සඳහා අක්ෂි පරීක්‍ෂණ වැඩසටහනක්, වෛද්‍ය හා දන්ත සායන සහ කොස් පැළ සිටුවීමේ වැඩසටහනක් අද එම ගම්මානයේ පැවැත්විණි. අක්ෂි පරීක්‍ෂණ වැඩසටහනේදී අවශ්‍ය පිරිස් වෙත කියවීමේ උපැස් යුගල හැටක් පරිත්‍යාග කරන ලදී.