පියාසර උපදේශකයින්ගේ වැඩමුළුව 2022
4:36pm on Monday 12th December 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පියාසර උපදේශක වැඩමුළුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලදී.

2022 නොවැම්බර් 23 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් පක්ෂාංගවල සියලුම පියාසර උපදේශකයින් සහභාගී විය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පියාසර උපදේශකවරුන්ගේ සංසදය අමතමින් වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා සමකාලීන යුධ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පියාසර උපදේශකවරයෙකුගේ කාර්යභාරය සහ වගකීම් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ සහ කපිතාන් කමල් ගුණවර්ධන ආරාධිත කථිකයින් ලෙස පියාසර පුහුණුවට අදාළ කරුණු සාකච්ඡා කරන ලද අතර, ගුවන් හමුදාවේ ඉහළම ප්‍රමිතියෙන් යුත් පියාසර පුහුණුව සහතික කිරීම අරමුණු කරගත් විවිධ පුහුණු ගැටළු වලට අදාළ  විසදුම් සඳහා ගුවන් හමුදාධිපතිතුමන් විසින් පියාසර උපදේශකයින් සමඟ සාකච්චා කරන ලදී .

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර පුහුණුව දිරිගැන්වීම සඳහා මෙවැනි ආකාරයේ  ඵලදායි  වැඩසටහන් ඉදිරියට පැවැත්වීමේ අරමුණින් වැඩමුළුව එදිනම අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි