ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 43 වර්ණ පක්‍ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
2:33pm on Thursday 15th December 2022
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 43 වර්ණ පක්ෂාංගයේ නව  අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2022 නොවැම්බර් 25 වන දින පැවැත්විණි.එහිදී නික්ම යන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ඡේ අමරසිංහ විසින් විංග් කමාන්ඩර් කේ.එම්.පි.එස් කුලතුංග නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.  

නික්ම යන අණදෙන නිළධාරියා 2021 ජූලි 26 දින අංක 43 වර්ණ පක්ෂාංගයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමට පෙර මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරන ලදී.

නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ.එම්.පි.එස් කුලතුංග නිළධාරීතුමන්  මීට පෙර ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 27 රෙජිමේන්තු  අණදෙන නිළධාරීවරයා ලෙස තනතුර දරා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි