අන්තර් ඒකක චෙස් ශූරතාව 2022
2:42pm on Thursday 15th December 2022
2022  අන්තර් ඒකක චෙස් ශූරතාවලිය 2022 නොවැම්බර් 28 වන දින සිට දින දෙකක් (02) ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසර 03 කට පසු  තරඟාවලිය  මෙවර පවත්වා ඇත.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් නිශාන්ත තිලකසිංහ සහභාගි වූ අතර සම්මාන උළෙල එම ස්ථානයේම පවත්වන ලදී.

මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 17ක් නියොඡනය කරමින් ක්‍රීඩකයින් 100කට වැඩි පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිළධාරීන් විසින් විනිශ්චය කරන ලදී.විවෘත Blitz 3+2 තරඟාවලියක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 41 දෙනෙකු සහභාගී විය. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි අංශයේ ශූරතාවට හිමිකම් කියන අතර ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අනුශූරතාව හිමිකරගැනීමට සමත්විය. සමස්ථ ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බලඝණ නායක කේ.එම්.ජී.එල් ජයසූරිය සම්මානය හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රසංක මාර්ටිනෝ, ගුවන් හමුදා චෙස් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් දම්මික සමරකෝන්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

හොඳම පුවරු ක්රීඩකයන්
පුවරුව අංක 1 - සැරයන් ද සිල්වා එල්.ඡේ.ඡේ - ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ
පුවරුව අංක 2 - නියමු නිලධාරි කේ.එන්.එස් පෙරේරා - ගුවන් හමුදා කඳවුර රත්මලාන
පුවරුව අංක 3 - කෝප්‍රල් බස්නායක බි.එම්.ඒ.ඩි - ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ
පුවරුව අංක 4 - නායක ගුවන් භට මධුරංග ඡි.ඩබ්.පි - ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ
පුවරුව අංක 5 - ගුවන් භට දම්පිටිය එස්.බි.ඩි - ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල

විවෘත Blitz තරඟාවලිය
පළමු ස්ථානය - පියාසර නිලධාරි ටීඑම්එන්පී කුමාර - ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසල
2 වන ස්ථානය - බලඝණ නායක එම්ඩීඒඩී වික්‍රමසිංහ - ගුවන් හමුදා කඳවුර කටුනායක
3 වන ස්ථානය - බලඝණ නායක කේ.එම්.ජී.එල් ජයසූරිය - ගුවන් හමුදා කඳවුර රත්මලාන


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි