
බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති "GEOWEEK 2022" ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මගපෙන්වීම යටතේ 2022 දෙසැම්බර් 02 සහ 03 යන දිනවල බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති “GEOWEEK 2022” ප්‍රදර්ශනය සඳහා ගුවන් හමුදාව නියෝඡනය කරමින් කන්ඩායමක් සහභිගී විය.මෙම ප්‍රදර්ශනය සබරගමුව විශ්වවිද්‍යාලයේ භූගෝලීය විද්‍යා අංශය විසින් සංවිධානය කරන ලදී.
ප්‍රදර්ශනයේ තේමාවට අනුකූලව දුරස්ථ සංවේදන සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS)යෙදුම්වලට අදාළ ගුවන් හමුදාවේ ඇති තාක්ෂණික මෙවලම් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.
මීට අමතරව, දේශීයව නිපදවන ලද Lihiniya MkII නියමුවන් රහිත ගුවන් යානය සහ ගුවන් හමුදාව විසින් භාවිතා කරන DJI Matrice 300 Drone යානයද ප්‍රදර්ශනය කරන ලද අතර තාක්ෂණ කාර්ය මණ්ඩලය මගින් අනෙකුත් රාජ්‍ය ආයතන වෙත සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අංශවලට අදාළව සිදුකරන ලද අනෙකුත් GIS ක්‍රමවේද මෙහිදි හදුන්වාදෙන ලදී. .
ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහාය ඇතිව මෙම ප්‍රදර්ශන කුටිය ඉදිරිපත්කරන ලදී.
පර්යේෂණ අණදෙන හා සංවර්ධන නිලධාරී ගෲප් කැප්ටන් සී.ජේ.හෙට්ටිආරච්චි සහ අංක 1 සහ 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගවල අණදෙන නිලධාරීන්, විංග් කමාන්ඩර් ඒ.පී.අයි. සම්පත් කුමාර සහ විංග් කමාන්ඩර් ජී.ඩී.අයි සංජීව විසින් ප්‍රදර්ශන කටයුතු සංවිධානය කරන ලදී.









