ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගිනි නිවිම් හා මුදවා ගැනීමේ අභ්‍යාසයක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරයි.
1:02pm on Tuesday 20th December 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය තුල ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී ඊට ප්‍රතිචාර දැක්වීම, ඉන් පුද්ගලයින් මුදවා ගැනීමේ හා  ගින්න මැඩපැවැත්වීමේ පෙරහුරු අභ්‍යාසයක් මහල් 12කින් සමන්විත  මූලස්ථාන ගොඩනැගිල්ලේදී  2022 දෙසැම්බර් මස 15 දින පවත්වන ලදී.

මෙහිදි ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් මෙහෙයුම් සදහා සූදානම්වීම, ගිනි නිවීම සහ මුදවාගැනීම් පිළිබද අභ්‍යාසයක නිරත වු අතර එහිදි මුදවා ගැනිමේ කටයුතු සදහා යොදා ගනු ලබන කඹ ආධාරයෙන් උස් ස්ථානයක සිට පහලට බැසීමේ උපක්‍රම භාවිතාකරමින්  විපතට පත්වුවන් මුදවාගැනිමේ මෙහෙයුම් සිදුකරන ලදි. මෙමගින් ඔවුන්ගේ හැකියාවන් සහ ඊට ප්‍රතිචාර දැක්විම වර්ධනය කර ගැනීම  මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින්ගේ මෙම පෙරහුරු අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, මාණ්ඩලික ප්‍රධානී තුමන් සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩයේ නිලධාරීන් සහභාගි වු අතර මෙම අභ්‍යාසය ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවාරණ නිලධාරි ගෲප් කැප්ටන් සංජය විතාන සහ අභ්‍යාස අණදෙන නිළධාරී ස්කෝඩ්‍රන් ලීඩර් ජූඩ් රණසිංහ ගේ අධීක්ෂණය යටතේ පවත් වන ලදි.

හදිසි ගිනි අනතුරකදී ගිනි නිවිම් සහ විපතට පත් පුද්ගලයින් මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා අවශ්ය  ගුවන් යානා, තාක්ෂණික උපකරන සහ ශිල්පීය නිපුනත්වයෙන් යුත් ගිනි නිවිමේ භටපිරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින අතර එවැනි මෙහෙයුම් සදහා සිය දායකත්වය සැපයීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරතුරුව සූදානමින් සිටි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි