කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ අඛණ්ඩ වෘත්තීය පුහුණු වැඩසටහන-2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ අඛණ්ඩ වෘත්තීය  (CPD) පුහුණු වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් 2022 දෙසැම්බර් 12 සිට 16 වන දින දක්වා  පවත්වන ලදී.කෘෂි ඒකක අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී.ඊ ගුණවර්ධණ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ මූලික අවබෝධය හා තත්ත්ව සහතික පරීක්ෂාව පිළබද සහභාගිවන්නන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි සහිතව අදියර දෙකකින් දින පහක් පුරා  මෙම වැඩසටහන පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ අංශ නියෝජනය කරමින් සාමාඡීකයින් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කිරි සැකසුම් ඒකකයේ දී මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලද අතර, කිරිවල සංයුතිය හා කිරිවල තත්ත්ව පරීක්ෂණ පිළිබඳ ප්‍රායෝගික ක්‍රියා පටිපාටි පිළිබඳ හැඳින්වීමක් ලෙස විෂයානුබද්ධ ක්ෂේත්‍ර වලින් මෙම පාඨමාලාව සමන්විත විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි