එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලනය ආයතනයේ සාමාජිකයින් අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත පැමිණේ
එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලන ආයතනයේ (ISG)නියෝජිත පිරිසක් 2022 දෙසැම්බර් 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත ගොස් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,කළමනාකරණ පාඨමාලා වල ප්‍රමිතිය,හමුදා සේවා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළහ.
වූයේ අප්‍රේල් ඩැනිලුක් මහත්මිය දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූ අතර කර්නල් ජෙෆ් වර්තිං (විශ්‍රාමික) සහ ලුතිනන් කර්නල් ටෙරන්ස් කිල්ගාරේ (විශ්‍රාමික) ආරක්ෂක පාලන ආයතනයේ සාමාජිකයන් ලෙසත් ඇමරිකා එක්සත් ජනපදය, පැසිෆික් ගුවන් හමුදාව සහ මොන්ටානා එයාර් ජාතික ආරක්ෂක බළකාය නියෝජනය කරමින් ප්‍රධාන සැරයන් ඇම්බර් එල්.වෙස්ටි සහ ප්‍රධාන සැරයන් සෙඩ්‍රික් එවන්ස් යන ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනකුද මෙම සාකච්ඡා සඳහා සහභාගි විය.
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර විසින් සහ විද්‍යාලයේ නිලධාරීන් විසින් දූත පිරිස උණුසුම් ලෙස පිළිගන්නා ලදී. තවද, මෙම සාකච්ඡාව සඳහා ගුවන් හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ගෲප් කැප්ටන් කපිල ඒකනායක සහ ප්‍රධාන බළලත් නිලධාරි ඩබ්ලිව්.එම්.එස්.ආර්.ඡයසිංහ සහභාගී විය.

පාඨමාලාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ඔවුන් විසින් සිදු කරන ලද සමීක්ෂණයේ සියලුම ප්‍රතිඵල පිළිබඳව නියෝජිත පිරිස විසින් ඉදිරිපත් කිරීමකින් සැසිය අවසන් විය. තවද, කොමිස් අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උපදේශකයින් සහ ගුවන් හමුදා මූලස්ථානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.