අංක 16 ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
12:02pm on Tuesday 27th December 2022
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 16 හි උපාධි ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් 08 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරාල් බි.නේ.ඡි.එම්.එල් රුද්‍රිගෝ සහ කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින් විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.
මෙම පාඨමාලාව 2022 ජනවාරි 05 වන දින ආරම්භ කර 2022 දෙසැම්බර් 07 වන දින අවසන් කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 76 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 26 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 25 දෙනෙකු, විදේශීය නිලධාරීන් 22 දෙනෙකුගෙන් සමන්විතව නිලධාරීන් 149 දෙනෙකු ඇතුළත් විය. මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය සහ සැම්බියාව යන රටවල් නියෝඡනය කරමින් නිළධාරීන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චාමිණි පතිරණ මහත්මිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන් දූත මණ්ඩල සහ රාජ්‍ය තාන්ත්‍රික බලකායේ අනෙකුත් සාමාජිකයින්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, විද්‍යාපීඨ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් අධ්‍යයන ජයග්‍රහණවලින් දස්කම් දැක්වූ උපාධිධාරීන් සඳහා විශේෂ සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදී.විශේෂ සම්මානලාභීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
සේනාවිධායකගේ ගෞරව සම්මානය
70% (ඹ්+) හෝ ඊට වැඩි සමස්ත සමස්ථයක් ලබාගත් පහත ශිෂ්‍ය නිලධාරීන් හට සේනාවිධායකගේ ගෞරව සහතිකය පිරිනමන ලදී.
යුද හමුදාව
මේජර් එච්.ඒ.එම්.පි කුමාර (ශ්‍රී ලංකා ඉංජිනේරු)
මේජර් ඩබ්.ඒ.සී.එන් කරුණාතිලක (ශ්‍රී ලංකා පාබල හමුදාව)
නාවික හමුදාව
කමාන්ඩර් එස්.අයි.එස් ෆිරෝස් (බංග්ලාදේශ නාවික හමුදාව)
ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂ්ණන් (ඉන්දියානු නාවික හමුදාව)
ලුතිනන් කමාන්ඩර් එස්එම් අසාද් (පකිස්තාන් නාවික හමුදාව)
ගුවන් හමුදා
බලඝණ නායක එච්.ඩබ්.එන්.වනසිංහ
විංග් කමාන්ඩර් කේ.ඊ.එන්.ඩි ගුණරත්න
රන් පෑන සම්මානය
පාඨමාලාවේ හොඳම අණදෙන නිලධාරි පර්යේෂණ පත්‍රිකාව නිෂ්පාදනය කිරීම සඳහා වන සම්මානය පිරිනමන ලදී
මේජර් එච් එම් පී කුමාර (ශ්‍රී ලංකා යුධ හමුදාව)
රන් සම්මානය
සෑම අංශයකම කුසලතා අනුපිළිවෙලින් පළමු ස්ථානය ලබාගත් විශිෂ්ටතම දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්ට රන් සම්මානය පිරිනැමිණි.
යුද හමුදා
විදේශ ශිෂ්‍ය නිලධාරි: මේජර් එෆ්.ඒ.එච්.අයි.එම් හස්නයින් (බංග්ලාදේශ හමුදාව)
ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි: මේජර් එච්.එම්.පී කුමාර (ශ්‍රී ලංකා ඉංජිනේරු)
නාවික හමුදා
විදේශ ශිෂ්‍ය නිලධාරි: ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂ්ණන් (ඉන්දියානු නාවික හමුදාව)
ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි: ලුතිනන් කමාන්ඩර් කේ.කේ.ඩි.එම්.ඩි කරුණාරත්න
ගුවන් හමුදා
විදේශ ශිෂ්‍ය නිලධාරි: විංග් කමාන්ඩර් යසීර් මුස්තාෆා (පකිස්ථාන ගුවන් හමුදාව)
ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි: බලඝණ නායක එච්.එම්.එන්.වනසිංහ