
සෙනෙගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ ආරක්ෂක උපදේෂකවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සෙනගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ යුධ, නාවික සහ ගුවන් උපදේශක කර්නල් අබ්දුලාය ට්‍රෝරේ මහතා 2022 දෙසැම්බර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව පැමිණි ආරක්‍ෂක උපදේශක සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.