බෙල් 212 SUH563 පියාසර පැය 10,000 සාර්ථකව නිමකරයි
12:15pm on Tuesday 27th December 2022
බෙල් 212 SUH563 ගුවන් යානය 2022 දෙසැම්බර් 12 වන දින පියාසර පැය 10,000ක් සම්පූර්ණ කිරීමට සමත් විය. මෙම බහුකාර්ය ගුවන් යානය 1990 ජනවාරි මස නිෂපාදනය කරන ලද අතර 1991 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බළඝණයට ඇතුළත් කරන ලදී. පසුව 1994 වර්ෂයේදී අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් නවයක් 09ක ප්‍රථමයා වූ මෙම ගුවන් යානය අංක 401 බලඝණයට ඇතුළත් කරන ලදී.

බෙල් 212 SUH563 ගුවන් යානය අවසන් මානුෂීය මෙහෙයුම ඇතුළු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී සිදු වූ සෑම ප්‍රධාන  මෙහෙයුමකදීම සම්බන්ධවී ඇත. ප්‍රභූ ආර්ක්ෂක, මගී, භාණ්ඩ ප්‍රවාහනය,නිරීක්ෂනය කිරීම්,මුදාවාගැනීම (SAR) සහ මානුෂීය ආපදා සහන (HADR) මෙහෙයුම් සදහා උසස් හෙලිකොප්ටර් පුහුණුවකින් යුතුව සේවය කරයි.

බෙල් 212 SUH 563 ගුවන් යානය පියාසර පැය 10000  සම්පූර්ණ කිරීම මගින් විදහා දැක්වෙන්නේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ ඉංජිනේරු සහ සහායක කාර්ය මණ්ඩලය මෙන්ම කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් ඉංජිනේරු පක්ෂාංගයේ මිලියන ගණනක වටිනාකමකින් යුත් ගුවන් යානා තාක්ෂණය හා සේවා හැකියාව ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස නොබලා මහන්සි වී වැඩ කිරීමයි. මෙම අවස්ථාව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් එහි ආරම්භක දිනයේ සිට මේ දක්වා වෙහෙස මහන්සි වූ දක්ෂ වෘත්තීය ගුවන් ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ දායකත්වය වත්මන් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සනෝජ් ජයරත්න විසින් බෙහෙවින් අගය කරන ලදී.

ගුවන් අවිකරුවන් වන නායක ගුවන් භට උඩවත්ත යු.ඡී.ඡේ.යූ.කේ සහ නායක ගුවන් භට ප්‍රියදර්ශන එල්.ආර්.ඒ සමඟ බලඝණ නායක දිලීප මීගහකුඹුර සහ පියාසර නිලධාරී නෙරංජන් පතිරණ විසින් බෙල් 212 SUH563 ගුවන් යානය පියාසර පැය 10000 සම්පූර්ණ කිරීම සදහා දායක විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි