අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වනු ලබයි
4:29pm on Wednesday 11th January 2023
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ  අධිකාරී නොළත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 18 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 89 සිංහල මාධ්‍ය  පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2022 දෙසැම්බර් 30 වන දින අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ගුවන් මෙහෙයුම් පාලන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් කොමදෝරු ඕ.ඒ.එන්.එස් ප්‍රනාන්දු සහභාගී විය.  අධිකාරී නොළත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී සේනාධීර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් තුළ මනා අධ්‍යාපනික හා කළමනාකරණ දැනුමක් හුවමාරු කිරීම සහ නායකත්ව ගුණාංග මුවහත් කිරීමය. මෙම පාඨමාලාව සති 14 ක නියමිත කාල සීමාවක් තුළ මනාව සකස් කරන ලද විෂය නිර්දේශයක් ඇතුළත්කර ඇත.මෙම පාඨමාලා දෙකම රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වූ අතර අවශ්‍ය නිර්ණායක සපුරාලන සියලුම අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණය පිළිබඳ සහතිකයක් ප්‍රදානය කරන ලදී.

අංක 18 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 89 සිංහල මාධ්‍ය පාඨමාලාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 60 දෙනෙකු,කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 81 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් එක් නිලධාරියෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් තිදෙනෙකු ඇතළත් විය.පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් සම්මානලාභීන් 145 දෙනෙකු සහතිකපත් ප්‍රධානය කිරීම මෙහිදී සිදුකරන ලදී.

සැරයන් කුමාර කේ.ඩබ්.ඡි.පී.එම් සහ කෝප්‍රල් රංග එච්.සී අංක 18 ඉංග්‍රීසි මාධ්‍යයේ දක්ෂතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් ලෙස සම්මාන ලැබූ අතර සැරයන් ගාමිණී පී.එච්.ඒ සහ කෝප්‍රල් ප්‍රනාන්දු ආර්.ඒ.ඡේ.එසි.එම් අංක 88 සිංහල මාධ්‍ය පාඨමාලාවේ දක්ෂතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් ලෙස සම්මාන ලැබීය. අනෙකුත් විශේෂ සම්මාන ලාභීන් පහත පරිදි වේ.

අංක 18 ඉංග්‍රීසි මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සම්මානලාභී

සෑම අතින්ම දක්ෂතම ඡේ.අ.නො.නිළධාරී
ගුවන් සැරයන් කුමාර කේ.ඩබ්.ඡි.පී.එම් (විදුලි සංදේශ කාර්මික)

සෑම අතින්ම දක්ෂතම ක.අ.නො.නිළධාරී
කෝප්‍රල් රංග එච්.සී (දන්ත කාර්මික ඓ)

කළමනාකරණ පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා
කෝප්‍රල් තත්සර ඊ.එම්.වයි (පරිපාලන සහකාර)

හොඳම කථිකයා - ඡේ.අ.නො.නිළධාරී
සුළු නිලධාරි එස්ඒඑස් කුමාර සන්නිවේදන (ශ්‍රී ලංකා නාවික හමුදාව)

හොඳම  කථිකයා - ක.අ.නො.නිළධාරී
කෝප්‍රල් ජයසංඛ එච්.ඩබ්.එස්.ඩබ්.පී (ECG කාර්මික)

අංක 89 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සම්මානලාභීන්

සෑම අතින්ම දක්ෂතම ඡේ.අ.නො.නිළධාරී
බළපංති සැරයන් ගාමිණී පී.එච්.ඒ(මෙහෙයුම් භූමි)

සෑම අතින්ම දක්ෂතම ක.අ.නො.නිළධාරී
කෝප්‍රල් ප්‍රනාන්දු ආර්.ඒ.ඡේ.එස්.එම් (විනයාරක්ෂක)

කළමනාකරණ පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා
බළපංති සැරයන් ගාමිණී පී.එච්.ඒ(මෙහෙයුම් භූමි)

හොඳම කථිකයා - ඡේ.අ.නො.නිළධාරී
බළපංති සැරයන් සමරකෝන් එච්.එම්.සී.බි (මෙහෙයුම් භූමි)

හොඳම කථිකයා - ක.අ.නො.නිළධාරී
කෝප්‍රල් අදිකාරි ඒ.එම්.එන් (මෙහෙයුම් භූමි)

සෙසු සම්මාන ලාභීන්

හොඳම ශාරීරික යෝග්‍යතාවය - ඡේ.අ.නො.නිළධාරී
බළපංති සැරයන් හේවගේ ඩී.එච්.සී.අයි.(ශාරීරික පුහුණු උපදේශක)

හොඳම ශාරීරික යෝග්‍යතාවය - ක.අ.නො.නිළධාරී
කෝප්‍රල් අදිකාරි ඒඑම්එස්ආර් (විනයාරක්ෂක)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි