ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 07 වන දින පැවැත්විණි.එහිදී නික්ම යන වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.ජේ.විජයනාත් විසින් ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස් ලංකාතිලක වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන වැඩබලන අණදෙන නිළධාරිතුමන් 2022 නොවැම්බර් 29 වන දින අණදෙන නිලධාරි තනතුර භාරගත් අතර කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ අණදෙන තත්ත්ව පරීක්ෂක (ඉංජිනේරු) තනතුර භාරගැනීමට නියමිතව ඇත.
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස් ලංකාතිලක නිළධාරිතුමන් අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය කර ඇත.