ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කදවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික  පෙළපාලිය 2023 ජනවාරි 10 වන දින බලඝණ පරිශ්‍රයේදී පැවැත්විණි. නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩී.ආර්.ටී මල්ලවාරච්චි විසින් ස්කොඩ්‍රන් ලීඩර් ආර්.එම්.එස්.එන් රණසිංහ වෙත නව තනතුර භාර දෙන ලදී.

ස්කොඩ්‍රන් ලීඩර් ආර්.එම්.එස්.එන්.රණසිංහ නිළධාරිතුමන් නව අණදෙන නිලධාරී ලෙස තනතුර භාරගැනිමට පෙර ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී තනතුර දරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි