ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 10 වන දින බලඝණ පරිශ්‍රයේදී සිදු කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඡේ.එස් සමරසේකර විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ විංග් කමාන්ඩර් එම්.ඒ.ආර්.ටී මුණසිංහ වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජේ.එස් සමරසේකර 2022 ජනවාරි 11 වන දින අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි (ගුවන් හමුදාව) ලෙස සේවය කිරිමට නියමිතව ඇත.
නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.ඒ.ආර්.ටී මුණසිංහ නිළධාරීතුමන් නව තනතුර භාරගැනිමට පෙර අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ නිලධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් සිය රාජකාරී කටයුතු සිදු කර ඇත.