10 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 2023
9:15am on Thursday 19th January 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2023 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, මෙවර දසවන වරටත් ත්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී 2023 ජනවාරි මස 20 වන දින සිට 22 වන දින දක්ව පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගොල්ෆ් තරගාවළිය සංවිධානය කරනු ලබන අතර මෙම තරඟාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

ගුවන් හමුදාධිපති කුසලානයට අමතරව තරඟකරුවන් පිළිවෙලින් කාන්තා සහ පිරිමි කාණ්ඩයන්ට අයත්ව දක‍ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහාද තරඟ වැදිමට නියමිත අතර මෙම තරඟාවළියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2023 ජනවාරි මස 21 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සිය කටයුතු සංවිධානය කර ඇත.

මෙම වසරේද ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පීරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා තුන්වන වරටත් අනුග්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.

තවද වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය ගෝල්ෆ් සමාජ සහ තරඟාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම, ගෝල්ෆ් ක්‍රිඩාවේ සංවර්ධනයට සහ ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් සඳහා අනුග්‍රාහකත්වය සැපයීම තුළින් ගෝල්ෆ් ක්‍රීඩාවේ සංවර්ධනයට නිරන්තර සහයෝගය ලබාදී තිඛෙන බවත් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මනරම් අද්විතීය ගොල්ෆ් ක්‍රීඩාංගනයකදී තම කුසලතා වර්ධනය කරගැනීමට සුවිශේෂි අවස්ථාවක් සහ ශ්‍රී ලංකාවේ ගෝල්ෆ් ක්‍රිඩක ක්‍රිඩිකාවන් හට සහෝදරත්වයෙන් යුතුව එක්ව තරඟ කිරීමට මෙම ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය අවස්ථාවක් සලසා දි ඇති බවත්. එසේම මෙම තරඟාවළියට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත්වන අතර ගෝල්ෆ් ක්‍රිඩාවේ අභියෝගාත්මක සති අන්තයක් බලාපොරොත්තු විමට හැකිවෙතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

ඊට අමතරව මෙම වසරේදී  Trinco Blue by Cinnamon සහ JKAB Beach Resort ආයතනයන්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වෙමින් තරඟාවළියේ සත්කාරක දායකත්වය ලබාදෙනු ලබයි.

මෙවර ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළියේ දස වන සංවත්සරය සැමරිම නිමිතිකොටගෙන ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනය එක්ව කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ත්‍රිතුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීනවරාය නාලන්දා විද්‍යාලය හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විද්‍යාලය යන විද්‍යාල ත්‍රිත්වයෙහි යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර දීම ශ්‍රි ලංකා ගුවන් හමුදාව කටයුතු කරනු ලබන අතර ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අනුග්‍රහය යටතේ එම විද්‍යාල සඳහා පරිගණක උපාංග ප්‍රධානය කිරීමටද නියමිතව ඇත.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි