ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 12 වන දින බලඝණ පරිශ්‍රයේදී පැවැත්වු අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්.එම්.කේ.ගුණරත්න විසින් ස්කොඩ්‍රන් ලිඩර් බී.ජී.ඩී.පී.ජයරත්න වෙත නව අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් එස්.එම්.කේ. ගුණරත්න නිළධාරීතුමන් 2021 අගෝස්තු 03 වන දින අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් අතර ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරියා ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.
නව අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලිඩර් බී.ජී.ඩී.පී. ජයරත්න නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර එම රේඩාර් බලඝණයේදීම නිළධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් සිය රාජකාරී කටයුතු සිදු කර ඇත.