ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ හොඳම කෘෂිකාර්මික ව්‍යාපෘතිය ඇගයිමට ලක් කරන ලදී
9:38am on Thursday 19th January 2023
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සංකල්පයකට අනුව "වගා සංග්‍රාමයේ" යටතේ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම සඳහා ගුවන් හමුදා කදවුරු තුළ කෘෂිකාර්මික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී හොඳම කෘෂිකාර්මික ව්‍යාපෘතිය සදහා එක් එක් කදවුරු විසින් ගන්නා ලද උත්සාහය අගය කිරීමද මෙහිදී සිදුකරන ලදී.
 
එයාර් කොමඩෝර් රජීව් කොඩිප්පිලි නිළධාරීතුමන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද විනිසුරු මඩුල්ලකගේ අධීක්‍ෂණය යටතේ සහ අණදෙන කෘෂි නිලධාරී ගෲප් කැප්ටන් එරන්දික ගුණවර්ධන නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන්  සම්පූර්ණ අධීක්‍ෂණය සිදු කරන ලදී.එයාර් කොමදෝරු එච්.ඩබ්.ආර් චන්දිම, ගෲප් කැප්ටන් ඡේ.එස් සමරසේකර, විංග් කමාන්ඩර් සි.ඒ පේදුරුහේවා සහ ස්කොඩ්‍රන් ලීඩර් එම්.ඊ.යු.කේ පෙරේරා එම අධීක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරන ලදී.

"හොඳම කෘෂිකාර්මික ව්‍යාපෘතිය" වගාව සඳහා කාබනික ද්‍රව්‍ය භාවිතා කිරීම,සම්පත් ඵලදායීතාව හා කාර්යක්ෂමතාව  ඇතුළු නිර්ණායක මාලාවක් යටතේ ඇගයීමට ලක් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රාහී ගුවන් හමුදා කදවුරු වෙත මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම 2023 ජනවාරි 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  සහභාගී විය.

පලමු ස්ථානය වෙනුවෙන් ගුවන් හමුදා පාලවි කඳවුර රු. 500,000ක්,දෙවන ස්ථානය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය රු.300,000ක් සහ තෙවන ස්ථානය මුලතිව් ගුවන් හමුදා කඳවුර විසින් රු.200,000ක මුදල් ත්‍යාග හිමිකරගන්නා ලදී. රු.50,000 බැගින් වූ සැනසිලි ත්‍යාග ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර, වවුනියාව ගුවන් හමුදා කඳවුර, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල, වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර, මඩකලපුව ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා කඳවුරු ඓ කඳවුර හතකට  ලබා දෙන ලදී. මෙම සැනසිලි ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි