පනාගොඩ පැවති රග්බි තරගයේදී ගුවන් හමුදා කන්ඩායම යුද හමුදා කන්ඩායමට එරෙහිව තියුණු ඡයක් ලබාගැනීමට සමත් වෙයි.
පනාගොඩ යුධ හමුදා රග්බි පිටියේ පැවති නිපෝන් පේන්ට් රග්බි 2022/2023 තරඟාවලියේ ප්‍රබල යුධ හමුදා කණ්ඩායමට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් විය. ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම සත්කාරකයන්ට එරෙහිව ලකුණු 19ට ලකුණු 27ක් ලබා ලබා ගනිමින් තරගය අවසන් කරන ලදී.

ගුවන් හමුදා ක්‍රීඩකයින් ලබාගත් ලකුණු 27ට ශාමික කෞෂාන් උත්සාහක දිනුම් දෙකකින් ද, දර්ශන දාබරේ උත්සාහක දිනුමකින් ද, පරාක්‍රම රත්නායක උත්සාහක දිනුමකින් ද, නුවන් පෙරේරා උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මෙම ජයග්‍රහණයත් සමඟ ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වෙනි ස්ථානය දක්වා රැගෙන ගිය අතර මහනුවර ක්‍රීඩා සමාජය, Cර්‍ & FC සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය පළමු ස්ථාන 3 ට පත්ව ඇත. 2023 ජනවාරි 27 වන දින ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම සහ වැලිසර නාවික හමුදා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි