ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීමේ සහ ගිණුම්කරණ පක්ෂාංගය වෙත නව අණදෙණ නිළධාරිවරයෙක් පත්කරන ලදි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ ඒකකයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදීම / භාර ගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 23 දින සිදු කරන ලද අතර එහි නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බී එස් ද එස් වීරවර්ධන විසින් ගෲප් කැප්ටන් ආර්එම්එල් රන්දෙණිය වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බී එස් ද එස් වීරවර්ධන 2022 පෙබරවාරි 14 වන දින උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර භාරගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව අණදෙන නිලධාරී වශයෙන් තනතුර භාරගැනීමට නියමිතව ඇත.
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල් රන්දෙණිය නිළධාරිතුමන් නව තනතුර භාරගැනිමට පෙර ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන ලදී.