ශ්‍රී ලංකාවේ රාජකීය තායි තානාපති කාර්යාලයේ තානාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්‍රී ලංකාවේ රාජකීය තායි තානාපති කාර්යාලයේ තානාපති, පොඡ් හාර්න්පොල් මහතා  2023 ජනවාරි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ තානාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ රාජකීය තායි තානාපති කාර්යාලයේ ලේකම් පීරපොට් ටොන්ග්‍රොඩ් මහතා ද මෙම අවස්ථාවට ඉදිරිපත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි