පළමු ඉහළ උන්නතාංශ පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී අවසන් කරන ලදි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් සඳහා පවත්වන ලද පළමු ඉහළ උන්නතාංශ පුහුණු වැඩසටහනේ සමාප්ති දේශනය 2023 පෙබරවාරි 06 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

ඉහළ උන්නතාංශ පුහුණු දැනුම මෙන්ම ඔවුන්ගේ කුසලතා ඉහළ නංවමින් දින 14 ක කාලයක් ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් විසිඑක් දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගි විය.පුහුණුව අවසානයේදි සියලුම උපදේශකයින් සදහා සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට සදහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු වජිර සේනාධීර,නිලධාරීන් සහ සෙසු නිලයින් උපදේශකයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි