නිපෝන් පේන්ට් රග්බි තරගාවලිය 2022/2023 CH&FC කන්ඩායමට එරෙහි තරගයේ ආධිපත්‍යය ගුවන් හමුදා පිරිමි කන්ඩායම ලබාගැනීමට සමත්වෙයි
ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම නිපෝන් පේන්ට් රග්බි තරඟාවලියේ පළග ශූරතා තරඟ වටයෙහි ප්‍රබල CH&FC කණ්ඩායමට එරෙහිව 2023 පෙබරවාරි 10 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය දෙවන ජයග්‍රහණය ලබා ගන්නා ලදී.ගුවන් හමුදා පිරිමි කන්ඩායම සත්කාරක කණ්ඩායමට එරෙහිව ලකුණු 31ට ලකුණු 44ක් ලබා තරගය අවසන් කළහ.

ගුවන් ක්‍රීඩකයින් ලබාගත් ලකුණු 44 ක්‍රිෂාන් සූරිය, ශෂික ප්‍රනාන්දු, දර්ශන දාබරේ, දෙනුවන් වික්‍රමාරච්චි සහ පරාක්‍රම රත්නායක අතරේ බෙදී ගියේ එක් උත්සාහක දිනුම බැගින් ( උත්සාහක දිනුම් 05ක්) වන අතර නුවන් පෙරේරා උත්සාහක දිනුම් 5ම සහ දඬුවම් පහර තුනම ලබා ගනිමින් තරගය නිමාකරන ලදී. නුවන් පෙරේරා සිය තනි පුද්ගල දායකත්වයෙන් ලකුණු 16ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කමක් වාර්තා කළ අතර ලකුණු 100කට වඩා ලබා ගනිමින් සමස්ත තරඟාවලියේම වැඩිම ලකුණු ලාභීන් අතරට එක් විය.

ගුවන් හමුදා පිරිමි කන්ඩායම CH&FC පිලට එරෙහිව පිට පිට ලැබූ දෙවැනි ජයග්‍රහණයයි වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහලට ගෙන ඒමට සමත් විය.මෙම තරඟාවලියේ අවසන් මහා තරගය 2023 පෙබරවාරි 17 වන දින පොලිස් උද්‍යානයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී ගුවන් හමුදා පිරිමි කන්ඩායම සහ පොලිස් කන්ඩායම තරඟ වදිනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි