"කොළඹ නාවික අභ්‍යාසය - 2023" බටහිර මුහුදේදී සාර්ථකව අවසන් කරන ලදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද "කොළඹ නාවික අභ්‍යාසය - 2023" (CONEX-23) පස්වන අදියර 2023 පෙබරවාරි 12 වන දින බටහිර මුහුදු තීරයේදී සාර්ථකව අවසන් විය. අඛණ්ඩව දින තුනක්පුරා කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පැවති CONEX-23 අවසන් දින අභ්‍යාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

මෙම අභ්‍යාසය සඳහා සහායක අංගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදවා තිබූ අතර. නාවික ඒකාබද්ධතාවය සහ මෙහෙයුම් සූදානම ප්‍රදර්ශනය කරමින් අභ්‍යාස ගණනාවක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි