
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ (AEW) නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 පෙබරවාරි 13 වන දින සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්.ඩි.ඒ.ඡි සෙනෙවිරත්න විසින් ගෲප් කැප්ටන් යු.සී.ඡේ පියසේන වෙත නව තනතුර භාර දෙන ලදී.
ගෲප් කැප්ටන් යූසීජේ පියසේන නිළධාරීතුමන් නව අණදෙන නිලධාරි තනතුර භාරගැනීමට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගගන ඉංජිනේරු සහය පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී තනතුරේහි සේවය කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්ඩීඒජී සෙනෙවිරත්න ගුවන් හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුවරයා ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.


