ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්තුමන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානීතුමන් අතර නිල හමුවක්
11:18am on Thursday 9th March 2023
ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන කාර්ය භාර සහකාර ආරක්ෂක ලේකම් ජෙඩිඩියා පී රෝයල් මහතා 2023 පෙබරවාරි 16 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු විසින් ප්‍රධානියා පිළිගත් අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම වැනි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් නෙල්සන්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා සහ එක්සත් ජනපදයේ දකුණු ආසියානු ඩෙස්ක් නිලධාරි ලුතිනන් කර්නල් ක්‍රිස්ටියන් මිචෙල් මහතා සහභාගී විය.