ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසල 11 වන සංවත්සරය සමරයි
1:57pm on Friday 10th March 2023
ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසල (ADGTS) සිය 11 වන සංවත්සරය 023 පෙබරවාරි 23 වන දින අභිමානවත් ලෙස සමරනු ලැබීය. ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසල ප්‍රථමයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආරම්භ කරන ලද අතර පසුව 2012 පෙබරවාරි 05 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුර වෙත ගෙන යන ලද අතර 2013 පෙබරවාරි 23 වන දින ගුවන් හමුදාවේ ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලක් බවට පත් විය.

ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසල මූලික ගොඩබිම් පදනම් ගුවන් ආරක්ෂක, ගොඩබිම් ගුවන් ආරක්ෂක උපදේශක පුහුණුව, IGLA මිසයිල පුහුණුව, USFM රේඩාර් පුහුණුව, නැවුම්බව පුහුණු කිරීම සහ නිලධාරීන්, ගුවන් භටයින් සහ නිලධාරි ශිෂ්‍යභටයින් සඳහා තවත් බොහෝ පුහුණු පාඨමාලා පිළිබඳ දැනුම ලබා දෙන පුහුණු මධ්‍යස්ථානයකි.

වත්මන් අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ටී.එම්.ගුණරත්න නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ කරන ලදී,පෙළපාලියෙන් අනතුරුව නිලධාරීන්, උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය ආගමික කටයුතුවලට සහභාගී වූ අතර, කල්මඩුනගර් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ ශ්‍රමධාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහ අනතුරුව පුහුණු පාසලේ සියලුම සාමාජිකයන් සමග එක්ව සවස් කාලයේ සුහද වොලිබෝල් තරගයක් ද සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි