95 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය 2022 ජයග්‍රාහී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය
1:59pm on Friday 10th March 2023
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් 95 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය 2022 පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම 2023 පෙබරවාරි 20 සිට පෙබරවාරි 24 දක්වා කොළඹ 7,රෝයල් මාස් ඇරීනා හිදී සංවිධානය කර පවත්වන ලදී. මෙම තරාගවලිය සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් විවිධ බර කාණ්ඩ යටතේ තරග කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ඉතිහාසයේ පළමු වතාවට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය වාර්තාවක් ලෙස සනිටුවන් වෙයි.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර පිරිමි කණ්ඩායම රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ගුවන් කාන්තා මල්ෂානි එල්අයිඑන් හොඳම කාන්තා ක්‍රීඩාකාව ලෙස පිළිගැනීමට ලක් වූ අතර නායක ගුවන් කාන්තාවක් වන කුරේ එම්පිඑස්එස් ‘2022 වසරේ විශිෂ්ටතම කාන්තා නියැදිකරු’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම "2022 වසරේ විශිෂ්ටතම කාන්තා බොක්සිං කණ්ඩායම" ලෙස සම්මාන හිමිකරගෙන  ඇත.


ප්රතිඵල සාරාංශය

කාන්තා
රන් පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා මල්ෂානි එල්අයිඑන් (කිලෝ 52 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා පෙරේරා කේකේඅයිටී (කිලෝ ග්‍රෑම් 54 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා කුරේ එම්පීඑස්එස් (කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර කාණ්ඩය)

රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් තිවංක ඩබ්ලිව්ඩබ්ලිව්ඒකේ (කිලෝ ග්‍රෑම් 63ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා කලුආරච්චි කේ.ඒ.ජී.එන් (කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභී
නායක ගුවන් කාන්තා පස්යාල (කිලෝ ග්‍රෑම් 57ට අඩු බර කාණ්ඩය)


පිරිමි

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් භට සිල්වා එච්.එම්.පී.එම් (කිලෝ 80 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට විජේනාග (කිලෝ ග්‍රෑම් 75ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභීන්
කෝප්‍රල් උදය කුමාර අයිපිඩිසි (කිලෝ ග්‍රෑම් 67ට අඩු බර කාණ්ඩය)
කෝප්‍රල් මීගස්තැන්න එම්ඩබ්ලිව්එම්එම් (කිලෝග්‍රෑම් 91ට වැඩි බර කාණ්ඩය)
කෝප්‍රල් පුෂ්පකුමාර ඒඑම්එස් (කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර කාණ්ඩය)
ප්‍රමුඛ ගුවන් භට ද සිල්වා ඡිඩබ්සී (කිලෝ ග්‍රෑම් 80 ට අඩු බර කාණ්ඩය)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි