ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිරිගැන්විමේ දෙවන වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී
2:06pm on Friday 10th March 2023
නෙට්බෝල්, හෑන්ඩ්බෝල්, ඔරු පැදීම, කයාකිං, ට්‍රයතලෝන්, බීච් වොලිබෝල් සහ ටෙනිස් යන ක්‍රීඩා අංශවල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිරිගැන්විමේ දෙවන වැඩසටහන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති සහ ගුවන් හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2023 පෙබරවාරි 27 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ පොනික්ස්ෆයර් පුද්ගලික සමාගමේ හි වෘත්තීය උපදේෂකයකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන භාතිය අරුත්නායක මහතා විසිනි.

බළපංති සැරයන් චින්තක අයිඡී ගේ පිළිගැනීමේ කතාවෙන් මෙම වැඩසටහන ආරම්භ විය. සහ දවස පුරා විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනූ හය (96) දෙනෙක් සහභාගී විය.එළඹෙන 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සූදානම් වීමේ දී ක්‍රීඩකයන්ගේ දස්කම් වැඩිදියුණු කර ගැනීමට සහ හොඳ කණ්ඩායම් හැඟීමක් ගොඩනඟා ගැනීමට ක්‍රීඩකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළේය.

ජාත්‍යන්තර කීර්තිමත් නෙට්බෝල් ක්‍රීඩිකාවක් වන බලඝන නායිකා චතුරංගි ජයසූරිය විසින් පවත්වන ලද ස්තුති කථාවෙන් වැඩසටහන අවසන් විය.

මෙම අවස්ථාව සඳහා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්.එම්.ඒ.ආර්. සිල්වා මහතා සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ආරාධිත කථිකාචාර්යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි