ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂික “පිච්චමල් පූජාව” පවත්වනු ලබයි
"අහසේ මුරකරුවන්" ලෙසින් සිය 72 වැනි සංවත්සරය සැමරීමට සුදානම් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඛණ්ඩව හයවන වරටත් 2023 පෙබරවාරි 28 වන දින සවස කැලණිය රජමහා විහාරස්ථානයේ දී "පිච්ච මල් පූජාව" ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ගුවන් හමුදා සාමාජිකයින්ට සහ සමස්ත ගුවන් හමුදාවට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ඔවුන්ගේ භාර්යාවන්, කඳවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන්, ගුවන් හමුදා මූලස්ථානයේ සහ අනෙකුත් ගුවන් හමුදා කදවුරුවල නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී විය.
මෙම උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සර සැමරුම වෙනුවෙන් පෙළගැසී ඇති සිදුවීම් මාලාවේ ආරම්භය සනිටුහන් කරයි.