"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" සාර්ථකව අවසන් කරන ලදී
තෙදින පිරිමි ධාවන තරගය වන අවසන් සහ තෙවැනි අදියර 2023 මාර්තු 04 වන දින ඓතිහාසික අනුරාධපුරයේදී අවසන් විය.මෙම තරගය පොළොන්නරුවේ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 132 ක දුරක් ආවරනය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ පසිඳු තිසර තෙවැනි අදියරේ පළමු ස්ථානය හිමිකරගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුශංක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිපුන් සොනාල් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල අවසන් අදියර නිමා කරන ලදී.

2023 මාර්තු 04 වන දින ආරම්භ වූ කාන්තා තරගය ද හබරණ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 84.9ක දුරක් ගෙවූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි පළමු ස්ථානයට පත් වූ අතර, සුදාරිකා ප්‍රියදර්ශනී දෙවන ස්ථානයට පත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇන් ෂෙනාලි පෙරේරා තෙවැනි ස්ථානයට පත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.


Men’s race

Women’s race
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි