අංක 12 බළඝණයෙහි පිරිත් පිංකමක්
දෛනික වැඩ කටයුතු වලින් මිදී අංක 12 ජෙට් බළඝණය විසින් පසුගිය අප්‍රේල් 01 වන
දින කඳවුරු පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සංඝායනාවක් සංවිධානය කරන ලදි.

සංඝයා වහන්සේ 15 නමකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කරන ලදි. ගුවන්
මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතාගේ උපදෙස් මත 12 වන
බලඝණයේ අණ දෙන නිළධාරී බළඝණ නායක අසේල ජයසේකර මහතාගේ මෙහෙයවීමෙන් පිරිත් සංඝායනාව සංවිධානය කරන ලදි.

  බළඝණයේ නිළධාරී අණදෙන වින්ග් කමාන්ඩර් සාරද මාවිටිගම, නිළධාරී අණදෙන මෙහෙයුම්
බලඝන නායක ක්‍රිෂාන්ත කපුගම සහ නිළධාරී අණදෙන පුහුණු බලඝන නායක ඉන්දික
ප්‍රේමදාස යන අයගේ විශේෂ දායකත්වය මේ සඳහා ලැබිණි.

කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු රනිල් ගුරුසිංහ, විවිධ අංශයන්හි
අණදෙන නිළධාරීන්, ගුවන් නියමුවන්, ඉංජිනේරු නිළධාරීන් සහ සෙසු නිළයන් මහත් කැප
වීමකින් මෙම අවස්ථාවට සහභාගී විය. විශේෂයෙන්ම බළඝණ නායක මොනාත් පෙරේරා හට පිං පැමිණවීමක් මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.

තවද ඒකල ගුවන් හමුදා කඳවුරෙන් සහ කළුතර බෝධි දායක සභාවෙන්ද මෙම අවස්ථාවට
ව්ශේෂයෙන්ම උපකාර කරන ලදි.
   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි