අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරන ලදී.
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 2023 මාර්තු 02 වන දින සිය 10 වන සංවත්සරය සමරන ලද අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එස්ඒඑන්ඊ රාජපක්ෂ ගේ මඟපෙන්වීම යටතේ 2023 මාර්තු 05 දින සැමරුම් උත්සවය පවත්වන ලදී.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක්, ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර මීගමුව "ශාන්ත ආනා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ" ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද සමඟින් සංවත්සර කටයුතු සිදු කරන ලදී

සැමරුම් උත්සවයට සමගාමීව සියලුම සාමාජිකයින්ගේ එකමුතුකම වර්ධනය කිරීම සඳහා බෝධි පුජා වැඩසටහනක් සහ සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කර තිබුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි