ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
9:41am on Friday 17th March 2023
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගැබිණි කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 2023 මාර්තු 08 වන දින කටුනායක ඊගල්ස් ලැගූන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තා නිලධාරිනියන්, ගුවන් කාන්තා සහ සිවිල් සේවක සේවිකාවන් ඇතුළු සේවයේ නියුතු ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දන්ත වෛද්‍ය, වෛද්‍ය සහ පෝෂණ යන ක්ෂේත්‍රවල ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයන් විසින් පවත්වනු ලබන උපදේශන වැඩසටහන් මෙම වැඩසටහනට ඇතුළත් විය. ගෲප් කැප්ටන් ප්‍රදීප් ජයශාන්ත විසින් දන්ත වෛද්‍ය උපදේශන වැඩසටහන මෙහෙය වූ අතර වින්ග් කමාන්ඩර් හිමාලි මෙන්ඩිස් විසින් වෛද්‍ය උපදේශන වැඩසටහන මෙහෙයවන ලද අතර බලඝණ නායක ශානක තිලකරත්න පෝෂණ උපදේශන වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සේවා වනිතා ඒකකවල සභාපතිවරුන් සහ ගුවන් හමුදා කටුනායක කඳවුර, රත්මලාන ගුවන් හමුදා කඳවුර, කොළඹ ගුවන් හමුදා කඳවුර,ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල, ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් හමුදා කඳවුරුවල සේවා වනිතා ඒකක භාර නිලධාරීන් සහභාගී විය.

කටුනායකදී පැවති ප්‍රධාන වැඩසටහනට අමතරව, අනෙකුත් ගුවන් හමුදා කඳවුරුවලද ඒ හා සමාන පරිත්‍යාග වැඩසටහන් අදාළ කඳවුරු අණදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.


SLAF CTS Diyathalawa

SLAF Station Katukurunda

SLAF TTS Ekala

SLAF Base Vavuniya

SLAF Base Hingurakgoda

SLAF Station Sigiriya

SLAF Station Koggala

SLAF Academy China Bay

SLAF Base Anuradhapura

SLAF Station Ampara
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි