මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරය සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව  බ්‍රියා හිදී වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

2023 මාර්තු 02 වන දින කේක් කැපීමකින් සහ සියලුම නිලයන් සහිත උදෑසන ආහාර සංග්‍රහයකින් සැමරුම ආරම්භ වූ අතර සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද එල්ලේ තරගයක්ද සංවිධානය කරන ලදී.

මාර්තු 04 වන දින, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම විසින් බ්‍රියා, හි පාසල් සිසුන් සඳහා සිවිල්-මිලිටරි සහයෝගීතා (CIMIC) ක්‍රියාකාරකමක් පවත්වන ලදී. මෙම උත්සවයේදී ගුවන් හමුදා භට කන්ඩායම විසින් බ්‍රියා හි පාසල් සිසුන් 400 කට ලිපි ද්‍රව්‍ය සහ ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙන ලදී. මීට අමතරව, බ්‍රියා හි රුවන්ඩා දෙවන මට්ටමේ රෝහල සමඟ ඒකාබද්ධව පාසල් ළමුන් සඳහා වෛද්‍ය ප්‍රචාරණ වැඩසටහනක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි