ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් සමඟ රජයේ නියෝජිත පිරිසක් අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පවත්වනු ලබයි
3:14pm on Friday 31st March 2023
ජාතික ආරක්ෂක උපදේශක ගරු. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා,රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු. ෂෙහාන් සේමසිංහ මහතා 2023 මාර්තු 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී රජයේ නියෝජිත පිරිස සමග ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්,ගුවන් හමුදා සියලුම කදවුරු නියෝජනය කරමින් ගුවන් හමුදා සාමාජිකයින් සමඟ ගුවන් හමුදා සෙබළුන්ගේ සහ කාන්තාවන්ගේ පරිපාලනය සහ සුබසාධනය වැඩිදියුණු කිරීමට ඇති අවස්ථා හඳුනාගැනීම මෙන්ම ජාතික ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ගුවන් හමුදාවේ  ක්‍රියාකාරිත්වය සහතික කිරීම පිළිබඳවද අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් ඵලදායී සංවාදයක නිරත විය.

සමස්තයක් වශයෙන්, මෙම සංචාරය ගුවන් හමුදා සාමාජිකයින් සමඟ සෘජුව සම්බන්ධ වීමට සහ ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සාමාජිකයින්ට අවස්ථාවක් ලබා දුන්නේය. දූත පිරිස ගුවන් භටයින්ගේ සහ ගුවන් කාන්තාවන්ගේ  කැපවීම අගය කළ අතර ජාතිය සුරැකීමේ මෙහෙවරට ත්‍රිවිධ හමුදාවට සහාය වීමට රජය දක්වන කැපවීම යළිත් අවධාරනය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි