ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධන ඉන්ධන පිරවුම්හල ප්‍රථම ස්ථානය දිනා ගනී
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අප්‍රේල් මස 07 දින පවත්වනු ලැබු  2011 වර්ෂය සඳහා වඩාත් කාර්යක්ෂ්‍යම සේවාව හා නිසි නඩත්තුව ඇගයීමේ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධන ඉන්ධන පිරවුම්හල දිනා ගන්නා ලදී.

මෙම ගුවන් හමුදා ඉන්ධන පිරවුම්හල භාරව කටයුතු කරන විංග් කමාන්ඩර් රසික බෙල්ලනගේ මහතා මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිනි ඛනිජතෙල් අමාත්‍යතුමාගේ අතිරේක ලේකම් සන්ධ්‍යා විජයබන්ඩාර මහත්මියගේ අතින් ප්‍රථම ස්ථානයට හිමි ත්‍යාගය ලබා ගන්නා ලදී. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය කොළඹ 03හි පිහිටි 'සසකාවා' උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ගෲප් කපිතාන් දුෂාන්ත රත්නායක, බළඝණ නායක චින්තක මුතුතන්ත්‍රී සහ ගුවන් හමුදා සුභසාධන ඉන්ධන පිරවුම්හලේ කළමණාකාරවරයා වන ආර්.සි. විමලරත්න මහතා ඇතුළු තවත් බොහෝ පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි